ඊයේ (23) දින ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දී මෙම කුසලානය එහි ප්රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා හා ක්රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් අතින් එළිදැක්වුණු අතර, එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
පසුව එම කුසලානය මොරටුව, මහරගම, නුගේගොඩ, ටවුන් හෝල්, ගාලු මුවදුර හා නිදහස් මාවත යන කොළඹ ප්රධාන ස්ථාන කිහිපයක ප්රදර්ශනය කෙරුණි. නිසාන් සමාගමේ අනුග්රහය ඇතිව සිදුවුනු මෙම කුසලාන සංචාරය අතරතුරේදී මෙම කුසලානය සමග ඡායාරූප ගැනීමට ක්රිකට් ලෝලීන් හට අවස්ථාව ලබාදී තිබුණි.
වසර 2017 ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජුනි 01 - 18 දක්වා එංගලන්තයේදී හා වේල්ස් හි දී පැවැත්වෙන අතර, මේ දින වල එම කුසලානය එම තරගාවලියට සහභාගී වන රටවල් 08 තුළ ප්රදර්ශණය කෙරේ.
(ඡායා : ශ්රී ලංකා ක්රිකට් නිල වෙබ් අඩවිය)
https://sinhala.srilankamirror.com/sport/3138-icc-champions-trophy-2017-in-sl-pics#sigProId1ae511742a