15 වසරක් පුරාවට තරගකාරී මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුනු ටේට් ගේ අවසන් තරගය වන්නේ 2016-17 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ හොබාට් හරිකේන්ස් හා සිඩ්නි තන්ඩර් අතර තරගයයි.
ටෙස්ට් තරග 3ක්, එක්දින ජාත්‍යන්තර තරග 35ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කළ ඔහු, අවසන් වරට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේදී ය.
“ඇත්තටම මට තවත් වසර දෙකක් විතර ක්‍රීඩා කරන්න ඕන වුනා. බ්‍රිතාන්‍යයේ හරි ඕස්ට්‍රේලියාවේ හරි. වයසට යද්දි තරුණ ක්‍රීඩකයන් එක්ක තරග තරන්න අමාරු වෙනවා කියලා මං දැනගෙන හිටියා. මට දැන් 34ක්. තමාට කැමති ප්‍රමාණෙට, ඉස්සර වගේ පිටියේ දී දායකත්වය දෙන්නෙ නැති වුණාම වැඩේ අකුලගන්න කාලෙ හරි කියලා හිතෙනවා,” යැයි ටේට් cricket.com.au වෙබ් අඩවියට පවසා තිබේ.