ඔහුට අද (27) පෙරවරුවේ ක්රීඩා කිරීමට හැකිවනු ඇතැයි ක්රිකට් බලධාරීන් විශ්වාසය පලකර සිටියද, ඇගිල්ලක ආබාධයක් සම්බන්ධයෙන් සිදු කළ ස්කෑන් පරීක්ෂණයක වාර්තාව අද පස්වරුවේ ලැබීමෙන් පසුව එම ඇගිල්ලේ අස්ථි බිඳී තිබීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ.
ඊයේ (26) පුහුණුවීම් අතර පන්දුවක් වැදීම නිසා ඔහු මෙලෙස ආබාධයට ලක්ව ඇත.
නිරෝෂන් වෙනුවට දිල්රුවන්
නිරෝෂන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට දිල්රුවන් පෙරේරා සංචිතයට කැඳවා තිබේ.
නුවන්ලා ඩබලෙන් කෙනෙකුට චාන්ස්එක
මේ අතර, ඊයේ (26) ශ්රී ලංකා එක්දික ක්රිකට් සංචිතයට එක්කරගත් නුවන් කුලසේකර හා නුවන් ප්රදීප් යන දෙදෙනාගෙන් කෙනෙකුට හෙට (28) තරගයට ක්රීඩා කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වේ.
හෙට තරගයේදී ධනුෂ්ක ගුණතිලක හා උපුල් තරංග ශ්රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය.
සබැඳි පුවත්
“නිරෝෂන් හෙට තරගයට : උපුල් මැද පෙළට යන්නෙ නෑ” (වීඩියෝ)