Feb 07, 2022

නායක දුනිත් විශිෂ්ටයින් අතරට Featured

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ‍19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාල්ලගේ නම්කර තිබේ.

කඩුලු ගණන 17ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඔහුය.

එසේම පිතිකරුවෙක් ලෙස ද ඔහු ලබාගත් ලකුණු ගණන 264කි.

එම කණ්ඩායම මෙසේය.

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය), ටීග් විලී (ඔස්ට්‍රේලියාව), ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව), යෂ් ධුල් (ඉන්දියාව), ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය), දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව), රාජ් බාවා (ඉන්දියාව), විකී ඔස්ට්වාල් (ඉන්දියාව), රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය), අවෛයිස් අලි (පාකිස්තානය), ජොස් බෝයිඩන් (එංගලන්තය), නූර් අහමඩ් (ඇෆ්ඝනිස්තානය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top