Feb 10, 2022

නවතම IPL කණ්ඩායමේ නම මෙන්න!

ගුජරාට් ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන අහ්මදාබාද් නගරය කේන්ද්‍රගත කරගත්, මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වන අලුත්ම කණ්ඩායමේ නාමය නිළ වශයෙන් එළිදක්වා තිබේ.

මෙම කණ්ඩායමේ නම 'ගුජරාට් ටයිටන්ස්' වේ.

CVC Capital සමාගමට අයත් මෙම කණ්ඩායමට මෙලෙස නම් තබා ඇත්තේ ක්‍රිකට් දැවැන්තයන් බිහි කළ ගුජරාට් ප්‍රාන්තයේ පොහොසත් ක්‍රිකට් උරුමයට උපහාර දැක්වීමට බව එම කණ්ඩායම විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

'ගුජරාට් ටයිටන්ස්' හි නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා කටයුතු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top