Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 05, 2017

ලංකාවට කඩුලු 6ක පහසු ජයක් (Highlights)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (04) පැවැති පළමු පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල පන්දුවාර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය.

දක්ෂ පිතිහරඹයක් දියත් කළ කුසල් පෙරේරා ලකුණු 77 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගනිමින් ඔවුන්ගේ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top