Feb 11, 2022

පළමු විස්සයි 20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද (11) සිඩ්නි හි දී පැවති පළමු විස්සයි 20 තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 20කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් ඔස්ට්‍රේලයාව පන්දුවට පහරදුන් අතර, ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කර තිබුණි.

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19කදී ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේවෙතත්, පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19කදී ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

තරගයේ වීරයා ලෙස ඕස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පා නම්විය.

AUSvSL

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top