Feb 12, 2022

බිනුර පොසිටිව් වෙයි! Featured

ඕස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් ඔහුට කොවිඩ් 19 වෛරසයේ ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇතැයි වාර්තා වේ.

ඉන් පසුව ඔහුට PCR පරීක්ෂණක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බිනුර ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ඔහු පන්දුවාර 4ක් යවමින් ලකුණු 12 කට කඩුලු 2ක් බිඳහළීමට සමත් විය.

මීට පෙර, ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා පිලේ සිටි කුසල් මෙන්ඩිස් ද කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබිණි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් තුන්වැනි විස්සයි 20 තරගයට සහභාගි වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගඟය හෙට පැවැත්වේ.

මූලාශ්‍රය - නිවුස් වයර්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top