Feb 13, 2022

ඕස්ට්‍රේලියාවෙ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන්ට කුඩම්මාගේ සැලකිලි! Featured

මේ වන විට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි20 තරගය නැරඹීමට එක්වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉහළ නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් විදෙස් රටක ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් හට විශේෂ අමුත්තන් ලෙස සැලකීම සාමාන්‍ය සම්ප්‍රාදාය වන අතර, අද තරගය නැරඹීමට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති - ශම්මි ප්‍රනාන්දු මහතා, ලේකම් ඈෂ්ලි සිල්වා මහතා ඇතුළු ඉහළ නිලධාරීන් හට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබාදී තිබුණේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර අසුන්ය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා මිරර් දැරූ උත්සාහය අසාර්ථක විය.

ShammiS 001

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top