Feb 13, 2022

ඕස්ට්‍රේලියාවට සුපිරි ඕවරයේදී ජය!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් අද (13) දෙරට අතර පැවැති දෙවැනි පන්දුවාර විස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියි.

අද තරගයේ කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 164/6ක් රැස්කළ අතර, ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 164 පමණි.

පැතුම් නිශ්ශංක වේගවත් ඉනිමකින් අනතුරුව අවසාන පන්දුවාරයේදී ලකුණු තත්ත්වය සමවූ අතර, එබැවින් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ගියේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු පහක් පමණක් වන අතර, ඕස්ට්‍රේලියාව පන්දු 3කදී එම ඉලක්කය පසුකර ගියේය.

ලකුණු 22කට කඩුලු 3ක් රැස් කළ ජොෂ් හේසල්වුඩ් තරගයේ වීරයා බවට පත්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top