Feb 14, 2022

ලංකාවට 20%ක දඩ - පැතුම්ට සෘණ ලකුණක් Featured

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි නුවර පැවැති දෙවැනි විස්සයි - 20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 නියමිත වේලාවට යොමු නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබේ.

මීට අමරතව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්‍යන්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ.

නායක දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තම වැරදිවලට වරද පිළිගෙන යෝජිත දඩයන් පිළිගැනීම හේතුවෙන් මේ පිළිබඳව විභායක් නොපවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

තරග තීරක ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් මෙම දඩය පනවා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top