Feb 15, 2022

වනිඳු හසරංගත් පොසිටිව් Featured

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිටින ක්‍රීඩකයන් අතරින් කොරෝනා වැළඳුන නවතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ඔහු වන අතර මේ අනුව ඕස්ට්‍රේලියව සමඟ පැවැත්වීමට නියමිත ඉදිරි පන්දුවාර විස්සයි - 20 තරග ඔහුට අහිමිවනු ඇති බවද පැවසේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අද (15) පැවැත්වීමට නියමිත 3 වැනි විස්සයි 20 තරගයේදී වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කිරීමට නියමිත බව පැවසේ.

ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින බිනුර ප්‍රනාන්දුට ද මීට පෙර කොරෝනා ආසාදනය වී තිබූ අතර, කුසල් මෙන්ඩිස්ට ද ඕස්ට්‍රේලියාවේ සිටියදී කොවිඩ් -19 වෛරසය වැළඳුනි.

මීට පෙර, ශ්‍රී ලංකා සංචිතය ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට දින කිහිපයකට පෙර චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායමේ පුහුණුකරු - ඩිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් වැළඳී ඇති බව තහවුරු විය.

පසුව ඔවුන් නිරෝධායන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සංචිතයට එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top