Feb 15, 2022

ඕස්ට්‍රේලියාව තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගනියි!

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියානුවෝ තරගාවලියේ ජයද තහවුරු කර ගැනීමට සමත් විය.

ලකුණු 122 ක ඉලක්කයක් කරා හඹාගිය සත්කාරක ඔස්ට්‍රේලියාව පන්දු 101 කින් මේ තරගය ජයගත්තේ තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීය.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිළට ආරාධනා කළ අතර ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 121රැස් කළේය.

පැතුම් නිස්සංක පන්දු 21 කදී හතරේ පහර දෙකක් සහිතව ලකුණු 16ක් ලබා ගත් අතර නොසිතූ අයුරින් හතරේ සීමාව අසලදී ඩැනියෙල් සෑම්ස් විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන් අනතුරුව ඔහු දැවි ගියේය.

දිනේෂ් චන්දිමාල්ට සහ නායක දසුන් ශානක එක්ව ශ්‍රී ලංකා පිළේ ලකුණු පුවරුව යම්තාක් දුරකට ඉහළට එසවීමට සමත් වූ අතර දසුන් ශානක පන්දු 38කදී නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තේය.

දිනේෂ් චන්දිමාල් පන්දු 29 කදී ලකුණු 25ක් රැස් කළේය.

මේ තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම බෙන් මැක්ඩමොට් දවා ගැනීමට පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්වුද එම පීඩනය තරගය පුරා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ අසමත් වූහ.

තම කණ්ඩායම වෙනුවෙන් නායක ආරෝන් ෆින්ච් පන්දු 36 කදී ලකුණු 35 ක් ලබා ගත් අතර ග්ලේන් මැක්ස්වෙල් පන්දු 26 කදී ලකුණු 39 ක් ලබා ගැනීමට සමත්විය.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අවශ්‍යම කඩුලු 3ක් ලබා ගත් අතර ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ලක් ලබා ගත්තේය.

AUvSL 3Match Sc

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top