Feb 16, 2022

IPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට LTTE හිතවාදීන් ගොරවයි Featured

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරෙහිව එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

මෙයින් ප්‍රධානම තැන ගෙන ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තෝරා ගැනුණු මහීෂ් තීක්ෂණට සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තෝරා ගැනුණු භානුක රාජපක්ෂට බව පැවසේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරනු ලබන බැවින් දමිල ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් ගෙනහැර දක්වමින් මෙම එල්.ටි.ටි.ඊ. හිතවාදීන් මේවන විටත් ඉන්දියාවේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ඉන්දියානු රුපියල් ලක්ෂ 70කට මහේෂ් තීක්ෂණ මිලට ගනු ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහය දැක්වීම වර්ජනය කළ යුතු බවට දැක්වෙන සමාජ මාධ්‍ය ප්‍රචාරයන් ද භානුක රාජපක්ෂට ද මෙවැනිම විරෝධතාවයක් එල්ල වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top