Feb 17, 2022

තුෂාරට අවසන් තරග 02 අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අවසන් විස්සයි - 20 තරග ද්විත්වය අහිමිවී තිබේ.

තෙවැනි තරගය අතරතුරදී ඇතිවූ ආබාධිත තත්ත්වය සුව නොවීම හේතුවෙන් මෙලෙස ඔහුට අවසන් තරග අහිමිවී ඇති.

මේ හේතුවෙන් මෙල්බර්න්හි පැවැත්වීමට නියමිත විස්සයි - 20 තරග දෙකේ තේරීම් සඳහා තුෂාරව සලකා නොබැලෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර පුහුණුවීම් අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ද ආබාධයකට ලක්ව තිබේ. දකුණතේ මහපටැඟිල්ලේ අස්ථි බිඳී යෑමක් හේතුවෙන් ඔහුවද විවේක ගැන්වීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top