Feb 19, 2022

අවිශ්ක පාදයේ ආබාධයකට ලක්වෙයි! Featured

ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දණහිසේ ආබාධයකට ගොදුරුවීම නිසා ඔහුට මාස කිහිපයක් ක්‍රීඩා කිරීමට හැකි නොවනු ඇතැයි වාර්තා වේ.

අවිශ්ක පුහුණුවීම් අතරතුර දී මෙසේ ආබාධයට ලක්වී ඇති අතර ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාවේදී ශෛල්‍යකර්මයක්ද සිදු කිරීමට සිදුවිය හැකි බවද ඔස්ට්‍රේලියානු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අවිශ්ක ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවේ තරග දෙකකට ක්‍රීඩා කළේය.

ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කෙරුණු නුවන් තුෂාර (ආබාධ), රමේෂ් මෙන්ඩිස් (ආබාධ), බිනුර ප්‍රනාන්දු (කොවිඩ්) සහ වනිඳු හසරංග (කොවිඩ්) ක්‍රීඩකයන් ආබාධාවලට හා කොවිඩ් ආසාදිත සිටින අතර අවිශ්ක එම ලයිස්තුවට එක්වූ පස්වැනි ක්‍රීඩකයාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top