Feb 21, 2022

බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වෙයි!

චීනයේ බීජිං අගනුවර පැවති 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උළෙල අද (20) දිනයේදී පැවැත්වුණි.

පසුගිය දෙසතිය පුරාවට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000ක් පමණ ඉසව් 109ක් ඔස්සේ තරග කළ අතර, අවසන් වශයෙන් වැඩිපුරම පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීමට සමත් වූයේ නෝර්වේ රාජ්‍යයයි.

නොර්වේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 08ක් හා ලෝකඩ පදක්කම් 13ක් දිනාගෙන තිබුණු අතර, පදක්කම් 27ක් හා 15ක් දිනාගනිමින් දෙවැනි හා තෙවැනි ස්ථානයට පත්වීමට ජර්මනිය හා චීනය පිළිවෙළින් සමත් විය.

සමාප්ති උළෙල අමතමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති - තෝමස් බාක් ලොව පුරා දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සහයෝගීතාවයේ සහ සාමය සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආදර්ශය ලබාගන්නා ලෙසයි.

“අපව එකමුතු කිරීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇති බලය, අපව බෙදීමට අවශ්‍ය බලවේගවලට වඩා ප්‍රබලයි,” යැයි ඔහු පැවසීය.

Winter Olympics Points T

සබැඳි පුවත්
බීජිං ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි (ඡායා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top