Apr 06, 2017

සයිටම් විරෝධීන්ගේ හුරේ එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පස්ස බිම ඇනිලා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ ඉකුත්දා පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේදී ප්‍රේක්ෂකාගාරය තුළ සරසවි සිසුන් පිරිසක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම තරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස හෙලාදකි.

සයිටම් විරෝධී වැකි සඳහන් පුවරු ද ක්‍රිඩාංගණය තුළ ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර තරගයක කළ එම ක්‍රියාව තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා කියා සිටියේය.

මෙම ක්‍රියාව නිසා ශ්‍රී ලංකා නාමයට කැළලක් එක් වූ බවද ඔහු සඳහන් කළේය.

අදත් විරෝධයක් !

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (06) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදීද සයිටම් විරෝධි සිසුන් විරෝධතාවක නිරතවීමේ සූදානමක් පවති.

ඒ පිළිබදව ක්‍රීඩාංගණයේ ආරක්‍ෂක අංශ දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුළ තිබෙන ප්‍රශ්න ක්‍රිඩාංගණය තුළට රැගෙන නොඑන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සයිටම් විරෝධී සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

අර්ජුනත් කනස්සල්ලෙන් ?

මේ අතර ඊයේ (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අදහස් පළ කළේය.

"මම මේ සිද්ධිය දැක්කේ නැහැ. එහෙත් ආරංචි වුණා. ලොකු කණගාටුවක් ඇති වෙනවා මේ සිද්ධිය ගැන. අපිත් දන්නවා සයිටම් ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා.. ඒක රට ඇතුළේ විසඳගන්න ඕන දෙයක්. මෙවැනි දේවලට උසි ගන්වන පුද්ගලයින්ට මුලින් දඬුවම් කරන්න ඕනේ." යයි ඔහු සඳහන් කළේය.

(නෙත් නිව්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top