Apr 07, 2017

හැට්ට්‍රික් ගත්තු මාලිංග ක්‍රිකට් හිස්ට්‍රි වෙනස් කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ දිනයේදී (06) ඉතිහාසගත විය.

ඒ, පිටපිටම කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමත් සමගයි. මුෂ්ෆිකර් රහීම්ගේ හා අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ නායක මෂ්රාෆි මොර්ටසාගේ ඉනි ගලවා දැමූ මාලිංග, විස්සයි 20 වරම් දිනාගත් මෙහෙදි හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර මෙම කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට ඔහු සමත් විය.

මෙය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලදී මාලිංග ලබාගත් සිවුවැනි හැට්ට්‍රික් දවාගැනීම වුවද, පන්දුවාර විස්සයි 20 තරගයකදී මෙම දක්ෂතාවය වාර්තා කළ පළමු අවස්ථාව වේ.

එක්දින ජාත්‍යන්තර හා පන්දුවාර විස්සයි 20 තරග පිටියේදී මෙලෙස කඩුලු ත්‍රිත්වයක් දවාගැනීම් වාර්තා කළ දෙවැනි පන්දුයවන්නා ලෙස මාලිංග ඉතිහාසගත වේ. මෙම දස්කම මුලින්ම වාර්තා කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී ය.

මීට අමතරව, පන්දුවාර විස්සයි 20 තරග පිටියේදී  කඩුලු ත්‍රිත්වයක් දවාගැනීම් වාර්තා කළ පස්වැනි පන්දුයවන්නා ලෙසත් දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද මාලිංග ක්‍රිකට් වාර්තා පොත් වලට එක්වේ. මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, නවසීලන්තයේ ජේකොබ් ඕරාම් හා ටිම් සවුතී හා තිසර පෙරේරා විස්සයි 20 කඩුලු ත්‍රිත්ව ලබා ගත්හ.

කෙසේවෙතත්, ඊයේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි විස්සයි 20 තරගය ලකුණු 45කින් ජයගෙන තරගාවලිය සමකිරීමට බංගලාදේශය සමත්විය.

වීඩියෝව මෙතනින් බලන්න

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top