මියයන විට ඔහු 96 වැනි වියේ පසුවිය.
ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු පසුව SSC ක්‍රීඩා සමාජය ද ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායම ද නියෝජනය කළේය.
දිවයිනේ බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙස කටයුතු කළ විජේසිංහ මහතා ගේ පුහුණුව ලැබූවන් අතර වෙත්තමුණි සහෝදරයන් වන සිදත්, සුනිල් හා මිත්‍ර මෙන්ම චන්ද්‍රා ශාෆ්ටර් හා කුමාර් සංගක්කාර ද වේ.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම සිලෝන් ඬේලි නිවුස් පුවත්පතේ ක්‍රීඩා කතුවරයා ලෙසින්ද සේවය කළ විජේසිංහ මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසින්ද කටයුතු කළේය.