වෙනත් වසර වල මෙන් නොව මේ වසරේ IPL තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබුණි.
මේ වන විට IPL තරගාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දුයවන පුහුණුකරු වන මුරලිදරන් පසුගිය 12දා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වා තිබුණේ මෙසේ ය.
“වර්තමානයේදී IPL සඳහා ක්‍රීඩාකිරීමට හැකි ක්‍රීඩකයෙන් ලංකාවේ නෑ. ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, දකුණු අප්‍රිකාවේ හා එංගලන්තයේ දක්ෂ ක්‍රීඩකයන් බොහොමයක් සිටිනවා. මේ තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 32කට ඇතුළත් වෙන්න පුළුවන්. ඒත් අපේ කට්ටිය ඒකට ඇතුළත් නෑ… ඇත්තටම කිව්වොත් අපි පොඩ්ඩක් මදි. අපිට සුපිරි ක්‍රීඩකයන් හිටියා ඒත් ඒ සේරම විශ්‍රාම ගිහින්. අළුත් ක්‍රීඩකයන් ස්ථාපිත වෙනකම් IPL වලට එයාලාව තෝරගන්න එකක් නෑ. මොකද තෝරගන්න තියෙන්නෙ හොඳම ක්‍රීඩකයන් හතරදෙනා. ඊට වැඩි අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් ඉද්දී, එයාලා අත්දැකීම් නැති ලාංකික ක්‍රීඩකයන් තෝරගන්නෙ ඇයි?”
මේ අතර, මුරලිදරන් පවසන්නේ තරුණ කණ්ඩායම් කරා වැඩිපුර යොමුවීමට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් විශාල රුකුලක් වී ඇති බවයි.
ඉස්සර කාලයේ ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර තරග වැඩිපුර බැලුවෙ තරමක් වයසින් වැඩි අය. දැන් වැඩිපුර ඉන්නෙ තරුණ ක්‍රිකට් ලෝලීන්. ඒ නිසා 2007 දී IPL පටන්ගත්ත එක හොඳ දෙයක්. ක්‍රීඩකයන් ට ජීවිත් වීමට එම ගෙවීම් රුකුලක්.
ගතවූ දසවසර තුළ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්කම් රැසකට බඳුන් වී ඇති බවද ඔහු සඳහන් කරයි.
“90 දශකයට වැඩිය දැන් කාලේ ක්‍රිකට් ගොඩක් වෙනස්. ඒ කාලයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ලකුණු 220ක් කියන්නේ ජයග්‍රාහී එලක්කයක්. ඒත් දැන් 350ක් ගැහුවත් දිනයිද කියන්න බෑ. පිතිකරුවන් ගේ මානසිකත්වය වෙනස් වෙලා. ඒත් අපිට පරම්පරා සමකර බලන්න බෑ. සමහර විට තවත් අවුරුදු 10කින් ක්‍රිකට් ක්‍රීඩාව තවත් වෙනස් වෙන්න පුළුවන්,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.