File Photo File Photo
May 14, 2022

මීටර් 150 ඉසව්වේ රන් පදක්කම යුපුන්ට

ඉතාලියේ පැවති නිස්සොලිනො රෝමා ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් 2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (13) සමත් විය.

යුපුන් එම ඉසව්ව තත්පර 15.37ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය හිමි කර ගත්තේය.

යුපුන් මීටර් 150 තරගයකට මේ වසරේ සහභාගි වූ දෙවැනි වතාව මෙය වූ අතර ඔහු පසුගිය මාසයේ පැවති තරගාවලියකදී තත්පර 15.16ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ආසියානු වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.

මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ලබන වසර දක්වා කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද යුපුන් ඇතුළත්ව ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top