මෙම ආබාධය හේතුවෙන් මැතිවුස් හට IPL තරගාවලියට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරුණද, මේ වන විට ඔහු සුවය ලබා ඇති බැවින් යළි දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිළ හා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මේ වන විට එම පිළේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ගේ සහය ඇතිව ඔහු පුහුණු සැසියකට ද සහභාගී වී ඇති බවත් කිංග්ස් XI පංජාබ් පිළ සමග ඉදිරියේ පැවැත්වීමට නියමත තරගයට ඔහු බොහෝවිට සහභාගී වනු ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, පැපොල රෝගයට ගොදුරු වී සිටි ශ්‍රෙයාස් අයියර් ද මේ වන විට සුවය ලබා ඇති බැවින් ඔහු ද මෙ තරගයට සහභාගී වනු ඇති බව පැවසේ.
(india.com ඇසුරෙනි)