ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් සමග සංගක්කාර එම තරගාවලියේදී පළමුවරට විස්තර විචාරයට එක්වන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
Champions Trophy සිය සිත්ගත් විශේෂ තරගාවලියක් බව පවසන කුමාර් සංගක්කාර, එහිදී ලැබූ ජයග්‍රහණ තමන්ට ගෞරවයක් බවත් සඳහන් කරයි.
"දැන් විස්තර විචාරකයෙක් ලෙසත් ඒ තරගාවලියේ කොටස්කරුවෙක් වීමට මම මග බලා ඉන්නවා," යනුවෙන්ද ඔහු පැවසීය.
ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය ලැබීමේ අවස්ථාව තිබෙන බැවින් සති තුනක් මුළුල්ලේ පැවැත්වෙන එය ක්‍රීඩාලෝලීන් ප්රමෝදයට පත්කරන තරගාවලියක් වනු ඇති බවටත් කුමාර් සංගක්කාර බලාපොරොත්තු පළ කරයි.
චැම්පියන්ස් ශූරතා තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙසද කුමාර් සංගක්කාර නම්කරනු ලැබ තිබේ.
සත්කාරක එංගලන්තය බංග්ලාදේශයට එරෙහිව තරග වදිමින් එම තරගාවලිය ජුනි 01 වෙනි දින ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.
ලබන ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භවන චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී (Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමුවරට ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතය.
(බීබීසී සංදේශය)
සබැඳි පුවත් :
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362