Apr 20, 2017

සෙරීනා ට බබෙක්?

කාන්තා ටෙනිස් පිටියේ දක්ෂතම ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් මව්පදවිය අපේක්ෂාවෙන් සිටින බවට රාවයක් පැතිරෙමින් පවතියි.

මෙම රාවයට හේතුවී ඇත්තේ සෙරීනා විසින් ස්නැප්චැට් වල පළ කළ ඇගේ ඡායාරූපයකි.

20 weeks (සති 20යි) ලෙස සඳහන් කරමින් සෙරීනා විසින් පළ කළ ඇගේ සෙල්ෆිය  පහත දැක්වේ.

මෙම රාවයේ සත්‍යතාවයක් ඇතිනම්, මෙහි සඳහන් දින හා සැසඳීමේදී සෙරීනා විසින් ජනවාරි 20දා දින ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ජනගන්නා විටත් ඇය ගැබ්ගෙන සිටින්නට ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, සෙරීනා ගේ මාධ්‍ය කණ්ඩායම් විසින් තවමත් මෙම පුවත සනාථ කර නොමැත.

C9yPHKwUMAE7FOZ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top