Jun 22, 2022

ටෙස්ට් 2කට පාකිස්තානය ලංකාවට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තෙදින පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ කිරිමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජුලි 16දා සිට 20දා තෙක් පැවැත්වීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජුලි 24 දා සිට 28 දා තෙක් පැවැත්වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායම ජුලි 06දා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top