උපුල් තරංග කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කරනු ඇත.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (24) ස්වල්ප වේලාවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කර තිබුණි.
ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගියදා බංගලාදේශයට එරෙහිව පැවති එක්දින ජාත්‍යන්තර හා පන්දුවාර විස්සයි 20 තරගාවලි සඳහා සහභාගී වීමට නොහැකි වූ මැතිවුස් මේ වන විට සුවය ලබා සිටියි.
සුවය ලැබීමෙන් පසුව IPL තරගාවලියේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමග එක්වූ මැතිවුස් ඊයේ දින ලංකාවට පැමිණි බවද ඊයේ නිකුත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබුණි.