Aug 04, 2022

යුපුන් ට ලෝකඩ පදක්කම හිමිවෙයි!

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබේ.

මෙරට වේලාවෙන් අද (04) අලුයම 2.00ට පැවති මෙම ඉසව්වේ අවසන් තරගය තත්. 10.14කින් නිමා කිරීමට ඔහු සමත් විය.

මෙය ශ්‍රී ලංකාව විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් දිනාගත් සිවුවැනි පදක්කම වන අතර, 1998න් පසුව දිනාගත් පළමුවැන්නද වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top