Aug 08, 2022

ප්‍රභාත්, ජූලි මාසයේ ICC ක්‍රීඩකයා වෙයි Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී ඇත.

පසුගියදා පකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී සුවිශේෂී දස්කම් දැක්වූ අතර, දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 117 කට කඩුලු 05 ක් බිඳහෙලීමට සමත් විය.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාව් මැකියොන්.

මේ සම්බන්ධයෙන් තමා ඉතා සතුටු වන බවද, මාසයේ ක්‍රීඩකයා සම්මානයට තමාට ඡන්දය ලබාදුන් රසික රසිකාවියන් හට ස්තූති කරන බවද ජයසූරිය පැවසීය.

ජූලි මාසය යනු තමාට අපූරු මාසයක් වූ බවත්, එම මාසයේදී ටෙස්ට් වරම් ලැබ, ඕස්ට්‍රේලියාව හා පකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලි සම කිරීම සඳහා කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකි වූ බවත් ඔහු කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top