Sep 22, 2022

මන්ත්‍රී නලින් තමන් සොයා සීසීසී ට ආවැයි ශම්මි පොලිසි යයි Featured

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ඊයේ (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කියයි.

නලීන් බණ්ඩාර මහතා පෙරේදා (20) පස්වරුවේ පුද්ගලයන් කීපදෙනකු සමඟ සී.සී.සී.ය වෙත පැමිණ තමන් සොයා ඇති බවත්, ඒ අවස්ථාවේ තමා එහි නොසිටි බවත්, ශම්මි සිල්වා මහතා මාධ්‍යට පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට ශම්මි සිල්වා මහතා විසින් විවේචනාත්මක ප්‍රතිචාර දැක්වීම මෙම සොයා ඒමට හේතුව වීමට ඉඩ ඇති බව ක්‍රිකට් සභාපතිවරයා විශ්වාස කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top