මෙම සිදුවීමට මුහුණදීමට සිදුවී ඇත්තේ ක්වාලා ලම්පූර් දිස්ත්‍රික්කයේ චෙස් ශූරියයි.
දණහිසින් තරමක් ඉහලට වන්නට ඇඳ සිටි ගවුම “අධික චිත්තාකර්ෂණයෙන්” යුතු යැයි කියමින් බලධාරීන් දැරීයට තරග වදින්නට ඉඩ නොදුන් බව ඇගේ පුහුණුකරු කෞෂාල් කන්දර් විසින් දීර්ඝ ෆේස්බුක් සටහනක් යොදා තිබීමෙන් පසුව මෙම සිද්ධිය දැඩි ලෙස විවේචනයට ලක්විය.
මෙම ඇඳුම නුසුදුසු බවට බලධාරීන් පවසා තිබුණේ තරගාවලිය අතරතුර බවත්, මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයාගේ තීන්දුව නිවේදනය කරන විට රාත්‍රී 10.00 පමණ වී තිබුණු බවත්, ඒ වන විට කඩසාප්පු වසා තිබුණු හෙයින් ඊළඟ දිනය සඳහා මෙම දැරියට බලධාරීන් විසින් සුදුසු යැයි පැවසුනු ඇඳුම් ගෙන දීමට නොහැකි වූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අයුරින් හිංසනයට හා නින්දාවට පත් වූ දැරිය තරගාවලියෙන් ඉවත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඇති තරගාවලි අධ්‍යක්ෂක වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් තමාට මරණීය තර්ජන පවා එල්ල වූ බවයි. මේ සිද්ධියට තමාගේ සම්බන්ධයක් නැති බවත් මේ සම්බන්ධයෙන් තමා පොලිස් පැමිණිල්ලක් ද ගොනුකළ බවත් පවසා තිබේ.