ඒ, ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේදී කඩුලු 150ක් වාර්තා කළ පළමු පන්දුයවන්නා බවට පත්වෙමිනි.
පසුගිය සතිඅන්තයේදී මුම්බායි ඉන්ඩියන්ස් හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර පැවති තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීමට සමත් වී ඇත. ලකුණු 146ත ජයග්රහණයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් පිල මෙහිදී සමත් විය.
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ පටන් මුම්බායි ඉන්ඩියන්ස් පිල වෙනුවෙන් ක්රීඩා කළ මාලිංග, එම පිල වෙනුවෙන් තරග 105 ක දී කඩුලු 151ක් ලබාගෙන තිබේ. මේ අතර කඩුලු 4ක් ලබාගත් අවස්ථා 4ක් ද කඩුලු 5ක් දවාගත් එක් අවස්ථාවක් ද වේ.