May 11, 2017

ඇලන්, අපිට ලොකු බෝනස් එකක් - මැතිවුස්

දකුණු අප්‍රිකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් අතරට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් සිය සතුට පළ කර තිබේ.

Cricbuzz.com වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මැතිවුස් පවසා ඇත්තේ ඇලන් ඩොනල්ඩ් ගේ පැමිණීම සිය කණ්ඩායමට විශාල ‘බෝනස්’ එකක් බවයි.

“ ඇලන් ගේ දැවැන්ත අත්දැකීම් සම්භාරයත් එක්ක බලද්දි ඔහු ගේ එකතුවීම අපිට ලොකු බෝනස් එකක්. ජාත්‍යන්තර කණ්ඩායම් ගණනාවක් එක්ක වැඩ කරලා තියෙන ඇලන් ගේ අත්දැකීම අපට වැදගත් වේවි… කවුන්ටි ක්‍රිකට් වලට ඔහු අවස්ථා ගණනාවක් එංගලන්තයේ ක්‍රීඩා කරලා තියෙනවා… අපට ඒ අත්දැකීම් ගොඩක් වැදගත් වේවි,” යැයි ඔහු පවසා තිබේ.

මාස දෙකක කාලයක් සඳහා වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය හා එක්ව සිටින ඇලන් ඩොනල්ඩ් මේ වන විට කණ්ඩායම සමග මහනුවර පුහුණුකිරීම් සිදුකරමින් සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top