ඒ අනුව “ඒ” කාණ්ඩය යටතේ ජපානය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය ද, “බී” කාණ්ඩය යටතේ නවසීලන්තය, දකුණු අප්රිකාව හා ඉතාලිය ද, “සී” කාණ්ඩය යටතේ එංගලන්තය, ප්රංශය හා ආජන්ටිනාව ද, “ඩී” කාණ්ඩය යටතේ ඕස්ට්ර්ලියාව, වේල්සය හා ජෝර්ජියාව ද මෙසේ කාණ්ඩවලට බෙදා තිබේ.
අදාළ, කාණ්ඩවලින් ඉදිරියේදී සුදුසුකම් ලබන රටවල් දෙක බැගින් අවසන් වටයට රටවල් 08ක් තෝරා ගැනීමට නියමිතය.
මේ බෙදීම විශේෂ ක්රමවේදයකට සිදු කර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ සී කණ්ඩයට එංගලන්තය, ප්රංශය හා ආජන්ටිනාව යන ප්රබල රටවල් තුනක් ඇතුළත්ව තිබීමය. එම කාණ්ඩයේ තරග ඉතා තරඟකාරී ලෙස පැවැත්වෙනු ඇතැයි රග්බි ප්රවීනයෝ කියති.