May 16, 2017

ලංකාවේ පුතෙක් කැනඩා ක්‍රිකට් පිටියට

වසර 2007 දී ලන්කර්ශයර් හි පැවති සැඩ්ල්වර්ත් ලීග් තරගාවලිය අතරතුරේදී පන්දු 72 කින් ලකුණු 277 ලබාගෙන පන්දුවාර විස්සයි 20  වාර්තා පොතට එක්වූ ධනුක පතිරණ, 15 දෙනෙකුගෙන් යුත් කැනඩා ජාතික ක්‍රිකට් සංචිතයට තෝරාගෙන තිබේ.

ඔහුව මෙලෙස තෝරාගෙන ඇත්තේ අයි.සී.සී ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ තෙවැනි කොටස (Division 3) සඳහා වූ කැනේඩියානු ජාතික ක්‍රිකට් සංචිතයටයි.

පතිරණ ට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ද ශ්‍රී ලංකාවේ උපත ලැබූ ශ්‍රීමන්ත විජේරත්න නම් කර තිබේ.

මීට කලින්, ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන රවිඳු ගුණසේකර ද කැනඩා පිලට ක්‍රීඩා කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]r.com දුරකථන - +94 114 546 362

Top