May 18, 2017

වෙසක් බලන්න ආ මෝදිට තිලංග ක්‍රිකට් ගහන්න කතා කරලා

ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් කල් දමන ලද ඉන්දීයාව හා පාකිස්තානය අතර  ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනාකර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නිමිත්තෙන් මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍රසිංහ මෝදි මහතාට බන්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී තමා විසින් මේ යෝජනාව කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති  තිලංග සුමතිපාල මහතා මාධ්‍යට පවසා තිබේ.

පකිස්තානු ක්‍රිකට්  පාලක මණ්ඩලයේ සභාපති ෂෙහ්‍රයර් ඛාන් ඉන්දියාව සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන බව මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ප්‍රකාශ කොට ඇත.

කෙසේවුවද, ජුනි මස පළමු සතියේදී ආරම්භ කිරීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී පාකිස්තානය ඉන්දියාව ජුනි 04 වැනිදා එකිනෙකා හා තරගවැදීමට නියමිතය.

- අචලා පියරත්න

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top