මේ සඳහා රුපියල් මිලියන ගණනක් වෙන්කර ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ නිලධාරීන් රොත්තට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වන මාධ්‍යවේදීන් 06 දෙනෙකු ද ඇතුළුත්ව සිටින බව පැවසේ.
ඕල්ඩ් මෑන්ගේ වෙබ් වයර්ලස් සේවය !
වෙබ් රේඩියෝවක් කරන බව පවසමින් කලකට ඉහතදී දූෂණ චෝදනා වලට ලක්ව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත්කරන ලද හැට පැන්න අයෙකුද එංගලන්ත සංචාරයට එක්වීමට නියමිත බවද වාර්තා වේ.
අදාළ තැනැත්තාට මීට පෙර මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇතැයි පැවසේ.
මේ අතර මෑතකදී ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු ලෙස පත් කළ අයෙකුට හිතවත් මගුල් ජායාරූප ගන්නා ජායාරූප ශිල්පියකුද එංගලන්තයට යැවීමට සැරසෙන බව වාර්තා වේ.
අදාළ තැනැත්තාට ඡායාරූපයක් ඊමේල් කර ගැනීමට හෝ හැකියාවක් නැතැයි කේෂත්රයේ කතා බහට ලක්ව තිබේ.