May 24, 2017

පළවෙනි එක පැරදුන් ලංකාව දෙවැනි එක දිනයි

දින දෙකකට පෙරාතුව ස්කොට්ලන්තයට පැරදුනු ශ්‍රී ලංකාව, දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 09ක ජයක් අත්පත් කරගැනීමට සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තයට, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි.
 
මෙහිදී ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් ද සීක්කුගේ ප්‍රසන්න හා නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් ද තිසර පෙරේරා එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.
 
පිළිතුරු වශයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට තරගය ජයග්‍රහණය කිරීමට සඳහා අවශ්‍ය ඉලක්කය කරා යාමට ගතවූයේ පන්දුවාර 22යි පන්දු 5ක් පමණි.
 
වේගවත් පිතිහරඹයක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ද, උපුල් තරංග නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය. 
 
ලකුණු :
 
ස්කොට්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 42.1): ක්‍රේග් වොලස් 46, මැතිව් ක්‍රොස් 27,  ඇලස්ඩෙයාර් එවන්ස් 22, රිචී බැරින්ටන් 15, ලක්ෂාන් සඳකැන් 4/39, නුවන් කුලසේකර 2/23, සීක්කුගේ ප්‍රසන්න 2/28, තිසර පෙරේරා 1/36.
 
ශ්‍රී ලංකාව – ලකුණු 170 /1 (පන්දුවාර 22.5): කුසල් මෙන්ඩිස් 74*, උපුල් තරංග 53*, නිරෝෂන් දික්වැල්ල 29, ඇලස්ඩෙයාර් එවන්ස් 1/29.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top