ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආර්ජන්ටිනා ජාතික ලියොනල් මෙසී එවැනි සිර දඬුවමකට යටත් කරන ලද්දේ බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවයි.
ප්රචණ්ඩ ක්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට පිරිනැමෙන අධිකරණ සහනයක් යටතේ ලියොනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.
ඩොලර් හතළිස් ලක්ෂයක් පමණ බදු මුදල් ගෙවනු ලැබීම පැහැර හැර ඇතැයි පවසමින් ලියොනල් මෙසී සහ ඔහුගේ පියා ජෝර්ජ් ට එරෙහිව ඉදිරිපත් කොට තිබුණ පළමු චෝදනා 'බාසිලෝනා' නගරයේ උසාවියක් මගින් විභාග කරන ලද අතර ඔවුන් දෙදෙනා එම චෝදනාවට වැරදිකරුවන් වන බව එම අධිකරණයේ තීන්දුව විය.
ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලද්දේ එම පළමු අධිකරණ තීන්දුවයි.
(බීබීසී සංදේශය)