රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ ඊයේ (08) සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි.
මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණි.
රංගන හේරත් දැනට එක් දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගෙන සිටින අතර පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය.