Jun 07, 2017

එංගලන්තයට නවසීලන්තය පරදියි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමඟ කාඩිෆ්හිදී ඊයේ (06) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 87ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ලබාදුන් ලකුණු 311ක ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 44.3කදී ලකුණු 223කට සියලුදෙනා දැවී ගියේය.

ලකුණු 63කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී කේන් විලියම්සන් සමගින් එක්වූ පළපුරුදු පිතිකරු රොස් ටේලර් ලකුණු 95ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 158 දක්වා ඉදිරියට ගෙන ගියහ.

ලකුණු 10ක් තුළ මේ පිතිකරුවන් දෙදෙනා දවා ගැනීමට එංගලන්තය පන්දු යවන්නන් සමත්වීම එංගලන්තයේ ජය මාවතේ හැරවුම් ලක්ෂය විය.

විලියම්සන් ලකුණු 87කටත්, ටේලර් ලකුණු 39කටත් දැවී ගියහ.

ලකුණු පුවරුව
එංගලන්තය (පන්දුවාර 43.3කදී) 310
(ජෝ රූට් 64, ජොස් බට්ලර් නොදැවී 61, අලෙක්ස් හේල්ස් 56, බෙන් ස්ටොක්ස් 48, කොරී ඇන්ඩර්සන් 55/3, ඇඩම් මිල්නේ 79/3)

නවසීලන්තය (පන්දුවාර 44.3කදී) 223
(කෙන් විලියම්සන් 87, ලියාම් ප්ලන්කට් 55/4)

අද පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය බර්මිංහෑම් හිදී පැවැත්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top