Jun 08, 2017

ක්‍රීඩකයන්ගේ පදක්කම් අයිතියත් රජය ගන්න හදයි !

ක්‍රීඩක ක්‍රීඩාකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් දිනා ගනු ලබන පදක්කම් විකිණීමට නොහැකි වන ලෙසට නීතියක් ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එසේ දිනා ගන්නා පදක්කම් රටට අයිති දෙයක් ලෙස සලකා එම නීතිය ගෙන ඒමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව දිනාගත් මීටර් 200 ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරන බවට ඇය කරන ලද ප්‍රකාශය පිළිබඳව ඊයේ (07දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙසින් ක්‍රීඩා ඇමැතිවරයා එම අදහස ප්‍රකාශ කළේය.

කුහක කතාවක් :

සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව දිනාගත් ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා ගන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යුද හමුදාවෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මසකට රුපියල් 1,35,000ක පමණ මුදලක් ලබාගෙනත් අමාත්‍යාංශය විවේචනය කිරීම සුසන්තිකා ජයසිංහගේ කුහක ප්‍රතිපත්තියක් බවද ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කෙළේය.

ජාත්‍යන්තර නීති වෙනස් කරන්න පුළුවන් ද ?

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනූ පදක්කම් වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නීති ගෙන එන බවට ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔලිම්පික් පදක්ම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රතිචාර දක්වා ඇත.

ජාත්‍යන්තර නීති වෙනස් කිරීමට ඇමති දයාසිරිට හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බව ඇය සදහන් කරයි.

වීඩියෝව

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top