Jun 10, 2017

ක්‍රිකට් කොල්ලන් සොයා ආ සුදු කෙල්ල ! (වීඩියෝ)

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව පරදා ශ්‍රී ලංකාව ජයගත් තරගය නැරඹීමට පැමිණි අපූරු ප්‍රේක්ෂිකාවකට සමාජ ජාල තුල ලොකු ඉඩක් වෙන්ව තිබේ.

ඒ ඇයට සිංහල වචන කිහිපයක් කතා කළ හැකි නිසාය. ඇය නමින් ශුතාල් ය.

කිසිදිනක ලංකාවට පැමිණ නැති ඈ සිංහල ඉගෙනගෙන ඇත්තේ පොත්වලින් බලාය.

සිංහ ධජයක්ද රැගෙන ශ්‍රී ලංකා පිලට හුරේ දමන්නට ආ ඈ ශ්‍රී ලංකා පිලට ඇළුම් කරන්නේ ළමාවියේ සිට බවද පවසන්නීය.

ලබන වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටන බවද ඇය කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top