ඔහු මේ බව පවසා තිබුනේ අද (12) පකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර ඊයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ය.
“ඔහු හොඳින්. ඔහුගේ හිසේ පන්දුවක් වැදුනා. ඒත් ඔහු හොඳින්,” යැයි මැතිවුස් පවසා තිබේ.
තිසර පෙරේරා ගේ හිසට පන්දුවක් වැදී ඇත්තේ සෙනසුරාදා (10) දින කාඩිෆ් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී ය.
ඊයේ දිනයේ මාධ්‍ය හමුවට පෙර, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ පන්දුව වැදුනු ස්ථානය තරමක් වේදනාකාරී වුවත් ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බවට ලකුණු ඒ වන විටත් දක්නට නොලැබුණු බවත්, ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ය.