ඔහු මෙම තිරණය ගෙන ඇත්තේ ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වී පැය 48 ක් ගතවීමට මත්තෙනි.
කුම්ලේ සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අතර හටගත් ගැටළුවක් මෙම තීරණයට හේතුව බවට වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනිල් කුම්ලේ පවසා ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොදම අවස්ථාව බවයි.කෝලි සහ තමා අතර තිබූ සබදතාව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එක්දින තරගාවලියක් සදහා ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට දින 4 ක් තිබියදී වීමද විශේෂත්වයකි.