Jun 21, 2017

ඉන්දියාව පැරදූ පාකිස්තානුවකුට ලක්ෂ 10ක්

ඉන්දියාව පරාජයට පත් කරමින් අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය දිනා ගත් පාකිස්තානු කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා අමතර දීමනාවක් ලබාදීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවීමට නියමිත අතර ඊට අමතරව, ක්‍රීඩකයින් සඳහා ලබාදීමට රුපියල් ලක්ෂ 290 ක අමතර මුදලක් ද වෙන් කර ඇති බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

අයි.සී.සී. ශූරයින්ගේ කුසලානය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ඊයේ (20දා) සිය රටට පැමිණි අතර එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිව තිබේ.

නායක සෆ්රාස් අහමඞ්ල කරච්චි නුවර පිහිටි තම නිවසට පැමිණෙන විට දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ඔහුගේ නිවස ඉදිරිපිටට රැස්වී ප්‍රීතිඝෝෂා පැවැත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top