Jun 23, 2017

ඩයලොග් හත්අවුරුද්දකට ක්‍රිකට් නිල අනුග්‍රාහකයා !

ඩයලොග් ආසිආටා සමාගම තවත් වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදකයා වන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අඛණ්ඩව වසර 7ක කාලයක් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම විශේෂිතය.

වසර 2020 මාර්තු මස දක්‌වා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම සහභාගි වන දේශීය හා විදේශීය තරග සඳහා ඩයලොග් සවිබලය ලැබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් එයට අදාළ ගිවිසුම අත්සන් තබන ලදී. මෙම අවස්‌ථාවට සහභාගි වූ (වම් පස සිට) ඩයලොග් සමාගමේ සාමාන්‍යාධිකාරි (සමූහ අලෙවි - වෙළ`දනාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක, ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්‌කාර, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උප සභාපති කේ. මතිවානන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ දැක්‌වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top