Jun 23, 2017

DRS තාක්ෂණය කාන්තා ක්‍රිකට් පිටියටත්

එංගලන්තයේදී හෙට (24 දා) ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක්‍රමය හෙවත් DRS (Umpire Decision Review System) තාක්ෂණය යොදා ගැනීමට තරග සංවිධායකයින් කටයුතු කර තිබේ.

මෙම තාක්ෂණය කාන්තා ක්‍රිකට් තරගාවලියක් සදහා භාවිතා කරන පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂීය.

කෙසේවෙතත්, මෙය තරගාවලියේ තරග 21ටම යොදා නොගන්නා අතර, මෙය යොදාගැනෙන්නේ තරග 10කට පමණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top