මෙම ජයත් සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය, තරග 2 -0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 491ක ඉලක්කයකට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ දිනයේදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 233ක් පමණි.
හරාරේ ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ අවසන් වූ මෙම තරගයේ දෙවැනි ඉනිමේද සාර්ථක පන්දු යැවීමක නිරත වූ රංගන හේරත්, ලකුණු 63කට කඩුලු 08ක් දවාළීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස රංගන හේරත් සම්මානා දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 504/10 (පන්දුවාර 144.4)
ධනංජය ද සිල්වා 127 (245, 4x14), අසේල ගුණරත්න 116 (193, 4x15, 6x1), උපුල් තරංග 79 (155, 4x8), ඩොනල්ට් ට්රිපනෝ 3/91 (32), ග්රැහැම් ක්‍රීමර් 3/136 (40)
සිම්බාබ්වේ පළමු ඉනිම 272/10 (පන්දුවාර 82.1)
බ්‍රයන් චාරි 80 (158, 4x9, 6x2), ක්‍රෙග් අර්වින් 64 (112, 4x8), සීන් විලියම්ස් 58 (93, 4x8), රංගන හේරත් 5/89 (26), ඩිල්රුවන් පෙරේරා 3/51 (18)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 258/9 (පන්දුවාර 81.4)
දිමුත් කරුණාරත්න 88 (208, 4x8), කුසල් ජනිත් 62 (69, 4x8, 6x1), ග්රැහැම් ක්‍රීමර් 4/91 (21.4), කාල් මුම්බා 3/67 (19)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම 233/10 (පන්දුවාර 58)
ක්‍රෙග් අර්වින් 72 (121, 4x9, 6x1), සීන් විලියම්ස් 45 (47, 4x5, 6x1) රංගන හේරත් 8/63 (23)
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී අද (10දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 257ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Last modified on Friday, 11 November 2016 11:33
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362