ට්විටර් පණිවුඩයක් නිකුත් කරන මහේල ජයවර්ධන මේ මොහොතේ තමන් පූර්ණ කාලීන තනතුරක් බලාපොරොත්තු නොවන බව සඳහන් කර ඇත.

"ඉන්දීය පුහුණුකරු ධුරය හා මා සම්බන්ධ කර පැතිර යන රාවයෙන් ගරු කටයුතු බවක් එක් කළද මේ මොහොතේ මා පූර්ණ කාලීන තනතුරක් අපේක්ෂා කරන්නේ නැහැ" යනුවෙන් ට්විටර් පණිවුඩයේ දැක්වේ.
අයිපීඑල් තරගවලට ක්රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ කටයුතු කිරීමට පෙර මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායමේ පිතිකරු උපදේශකයෙකු වශයෙන් කෙටි කලක් කටයුතු කළේය.